බාල බෙහෙත් නඩුවට අදාළව හිටපු කැබිනට් මණ්ඩලයෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා ලෙස අධිකරණය රහස් පොලිසියට නියෝග කළා.
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට මෙම ඖෂධ ගෙන්වීමට අනුමැතිය දුන් එවකට කැබිනට් මණ්ඩලයේ සිටි ජනපති, අගමැති ඇතුළු අමාත්‍යවරුන් 18 දෙනෙකුගේ ප්‍රකාශ ලබා ගැනීම මේ අනුව සිදුවනු ඇති.
ප්‍රමිතියෙන් තොර එන්නත් ඇතුළු ඖෂධ ගෙන්වීමේ සිද්ධියට අදාළ නඩුව මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (11) යළි කැඳවූවා.
මෙම ඖෂධ ආනයනය කිරීමට අනුමැතිය දුන් එවකට කැබිනට් මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී ඉල්ලා සිටියා.
ඒ අනුවයි අදාළ ප්‍රකාශ ලබා ගැනීමට මහේස්ත්‍රාත්වරිය අවසර ලබාදුන්නේ.
රඹුක්වැල්ල මහතා ඇතුළු සැකකරුවන් කිහිප දෙනෙකු මේ වන විට ඇප මත මුදාහැර සිටිනවා.
පළමු සැකකරුවන සුගත් ජානක ප්‍රනාන්දු යන අය තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඔහු අංගොඩ මානසික රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔහුගේ වෛද්‍ය වාර්තාව සීමාව ඉක්මවා ඉදිරිපත් කර ඇති බවයි මහේස්ත්‍රාත්වරිය පැවසුවේ.
ඒ සම්බන්ධයෙන් පියවර ගන්නවා ද නැද්ද යන්න මීළග නඩු වාරයේදී තීරණය කරන බව ද මහේස්ත්‍රාත්වරිය පැවසුවා.
මෙම නඩුව ලබන 25 වනදා යළි කැදවීමට නියමිතයි.