ඇමරිකා ජාතික ආරක්ෂක උපදේශක ලෙස ෆ්ලොරිඩා නීති සම්පාදක මයික් වෝල්ට්ස් පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම පත්කිරීම සිදු කර තිබෙන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
වෝල්ට්ස් යනු දීර්ඝ කාලයක සිට ට්‍රම්ප් ආධාරකරුවෙකු ලෙස කටයුතු කළ අයෙක්.
වන අතර ඔහු කොන්ග්‍රසයේ ඔහුගේ තුන්වන වාරය සඳහා පසුගිය සතියේ නැවත මැතිවරණයක් ජයග්‍රහණය කළේය.
මේ අතර රිපබ්ලිකානුවන් කොන්ග්‍රසයේ පූර්ණ පාලනය ලබා ගැනීමට ආසන්න වෙමින් සිටිනවා.
ඔවුන්ට දැනටමත් සෙනෙට් සභාවේ බලය හිමිව ඇති අතර ඡන්ද ගණන් කිරීම දිගටම සිදු වනවා.
මේ අතර ට්‍රම්ප් පරිපාලනයේ රාජ්‍ය ලේකම්වරයාගේ භූමිකාව මාර්කෝ රුබියෝට පිරිනැමිය හැකි බව ඇමරිකා වාර්තා සඳහන් කරනවා.