ජනාධිපතිවරණය මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණයත් ඉතා සාමාකාමී බව නිරීක්ෂණය වී තිබෙන බව පූර්ව මැතිවරණ නිරීක්ෂණ කටයුතු සඳහා එක්ව සිටින ඇන්ෆර් පදනමේ විධායක අධ්යක්ෂ බ්රින්ස් ඇලෙක්සි මහත්මිය පවසනවා.
එම සංවිධානය පුරවැසි නිරීක්ෂණ කණ්ඩායමක් ලෙස කටයුතු කරන අතර රටවල් 18ක් සාමාජිකත්වය දරන බවයි ඇය පවසන්නේ.
ශ්රී ලංකාවේ පාර්ලිමේන්තු මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා සාමාජික රටවල් 16කින් නිරීක්ෂකයින් 30ක් එම නිරීක්ෂණ කටයුතුවල යෙදෙමින් සිටින අතර පසුගිය ඔක්තෝම්බර් 30 සිට ඔවුන් සිය පූර්ව මැතිවරණ නිරීක්ෂණ කටයුතු වල යෙදෙමින් සිටින බවයි එම කණ්ඩායම පවසන්නේ.
රටේ සියලුම ජන ප්රජාවන් නියෝජනය වන ලෙස ඔවුන් ජනතාව සමඟ සාකච්ජා කළ අතර මැතිවරණයේ තීරණාත්මක බව සම්බන්ධයෙන් අවධානය යොමුකළ බව ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා .
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් අවම වී තිබෙන අතර අනාගතය වෙනුවෙන් නව නායකත්වයක් යටතේ හොද දිශානතියක් කරා යමින් තිබෙන බව පෙනෙන්නට ඇති බවයි ඔවුන් පැවසුවේ .
මෙම මැතිවරණ නිරීක්ෂකයින් අද (11) මැතිවරණ කොමිසමේ නිලධාරීන් හමු වී පූර්ව මැතිවරණ නිරීක්ෂණ ගැන සකාච්ජා කර තිබෙනවා .