හත්වන චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඊයේ(10) පස්වරුවේ ෂැංහයිහිදී අවසන් වුණා.
මෙවර ප්‍රදර්ශනයේ දී වඩාත් ක්‍රියාකාරී වෙළඳ ගනුදෙනු සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව හිමිව ඇති අතර, වාර්ෂික පදනම මත සලකා බැලූ විට එමගින් අපේක්ෂිත ගනුදෙනුවල වටිනාකම ඇමෙරිකන් ඩොලර් බිලියන 80.01 ක්.
එය පෙර වසරට සාපේක්ෂව සියයට 2ක වර්ධනයක් බවයි වාර්තා වන්නේ.
පෙර වසරේ ප්‍රදර්ශනය සමග සසඳන විට, මෙවර ප්‍රදර්ශනය ජාත්යන්තෙ මට්ටමේ විහේෂතා රැසක් දැක ගත හැකි වුණා.
“එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ හා සම්බන්ධ රටවල් 104කින් සමාගම් 1,585ක් සහ ඌන සංවර්ධිත රටවල් 35කින් සමාගම් 132ක් මෙම වසරේ ප්‍රදර්ශනයට සහභාගී වීම ද විශේෂත්වයක්.