ශ්‍රී ලංකන් ගුවන් යානා ප්‍රමාදය ගැන ලැබුණු පැමිණිලි පිළිබඳ සොයා බැලීමට කටුනායක ගුවන් තොටුපල වෙත ගිය අමාත්‍ය විජිත හේරත් මහතා එහි සියලු අංශ නිරීක්ෂණයට ලක්කළා.
කටුනායක ගුවන් තොටුපල වෙත ගිය අමාත්‍ය විජිත හේරත් මහතා සේවකයින් සමග අදහස් හුවමාරුකර ගනිමින් ගැටලු පිළිබඳ සොයා බැලුවා.
සේවකයින්ට ලබාදී තිබූ ප්‍රසාද දීමනා යළි අයකර ගැනීමට පරිපාලනය ගෙන තිබූ තීරණය සම්බන්ධයෙන් සේවකයින් කනස්සල්ල මෙන්ම විරෝධය පළකර තිබෙනවා.
ශ්‍රී ලංකන් ගුවනා යානා ප්‍රමාදය පිළිබඳ දෙස් විදෙස් සංචාරකයින්ගෙන් ලැබී ඇති පැමිණිලි පිළිබඳ සාකච්ඡා කෙරුණා.
තොරතුරු ක්ෂණිකව සන්නිවේදනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සහ එම තත්ත්වයන් සම්බන්ධීකරණයට විශේෂ ඒකකයක් ස්ථාපිත කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබෙන්නේ.
මෙම වසරේ ජනවාරි බඳවාගත් ගුවන් තොටුපල ආරක්ෂක අංශයේ සාමාජිකයින්ට නිල ඇදුම් සම්බන්ධයෙන් තිබූ ගැටලුවක් පිළිබදව ද අවදානය යොමුවුණා.
පසුගිය මාස 10ක කාලයක් සඳහා ඔවුන්ට ලබාදී තිබුණේ එක් නිල ඇඳුමක් පමණක්වීම හේතුවෙන් ඒ සඳහා විසඳුම් ලබාදෙන ලෙසද අමාත්‍යවරයා උපදෙස් ලබාදුන්නා.