මත්ද්‍රව්‍ය උවදුරෙන් රට බේරා ගැනීම අභියෝගයක් වුවද අනාගත පරපුර වෙනුවෙන් එය කෙසේ හෝ ජයගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරනවා.
රජය පවරාගෙන ඇති උතුරේ ජනතාවගේ ඉඩම් පියවරෙන් පියවර නිදහස් කරන බවයි ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ.
මේ අතර උතුරේ ධීවර ජනතාවට තම ජීවනෝපාය නිදහසේ සිදුකිරීම සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බවද ජනාධිපතිවරයා කියාසිටියා.
රට හදන අපි එකට මාලිමාවට යන තේමාවෙන් මහ මැතිවරණය සදහා ජාතික ජන බලවේගය රට පුරා ජන රැළි මාලාවක් සංවිධාන කරනවා.
ඒ යටතේ යාපනයේ පැවති ජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.
ජාතික ජන බලවේගයෙන් මහ මැතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂකයින් ඇතුළු විශාල පිරිසක් ජන රැළියට එක්ව සිටියා.