සිය පියා පැදවූ ජිප් රථයට යටවීමෙන් 3 හැවිරිදි දරුවෙකු මිය ගොස් ඇති බව මරදාන පොලිසිය පවසනවා.
අනතුරින් මියගොස් ඇත්තේ කොළඹ 10, මරදාන දුම්රිය නිල නිවාස පදිංචිව සිටි දරුවෙක්.
බරපතල තුවාල ලද දරුවා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරු මිය ගොස් ඇති බවයි වාර්තා වුණේ.
අනතුර සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන 36 හැවිරිදි පියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.