හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා ගොනුකර ඇති ඇප පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 19 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළා.
මිරිහාන ප්‍රදේශයේ නිවසක තිබි ලියාපදිංචි නොකළ මෝටර් රථයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ලොහාන් රත්වත්තේ මහතා මේ වන විට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිනවා.
ඔහුගේ ඇප පෙත්සම අද (11) දිනයේ දී සලකා බැලීමෙන් අනතුරුවයි ලබන 19 වනදා කැදවීමට අභියාචනාධිකරණය නියම කළේ.
එදිනට පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නීතිපතිවරයා ඇතුලු වගඋත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස ද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නා.