බණ්ඩාරගම අටළුගම ජයකොඩි කන්දේ නිවසක් තුළ රහසිගතව පවත්වාගෙන ගිය ගව ඝාතනාගාරයක් වටලා පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසනවා.
එම ස්ථානයේ තිබී මරණ ලද ගවයෙකුගේ මස් මෙන්ම මැරීමට සූදානම් කර සිටි ගවයින් දෙදෙනකුද භාරයට ගත් බවයි පොලිසිය පවසන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා එම ප්රදේශයේම පදිංචිකරුවන් වන අතර පානදුර මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වනු ලබනවා.