අම්බලන්ගොඩ ඌරාවත්ත ප්‍රදේශයේදී ඊයේ සිදුවූ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය මීටියාගොඩ ප්‍රදේශයේ කුරුදු කැලෑවක තිබී සොයාගෙන තිබෙනවා.
ඌරාවත්ත ප්‍රදේශයේ යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අඹුසැමි යුවලකට තවත් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු සිදුකළ වෙඩි තැබීමකින් අඹුසැමි යුවල ජීවිතක්ෂයට පත්වුණා.
එම ඝාතනයට වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය මීටියාගොඩ ප්‍රදේශයේ සඟවා ඇති බවට ඇල්පිටිය පොලීසියට තොරතුරක් ලැබී තිබුණා.
ඒ අනුව පොලීසිය කළ විමර්ශනයකදී කුරුදු කැලෑවක සඟවා තිබූ යතුරුපැදිය ඊයේ රාත්‍රී 9ට පමණ සොයා ගැණුනා.
කඩවත ප්‍රදේශයෙන් සොරකම් කර ඇති මෙම යතුරුපැදිය ව්‍යාජ අංක තහඩු යොදාගෙන භාවිත කර ඇති බවටයි තොරතුරු අනාවරණය වී තිබෙන්නේ.