සිරියාවේ ලෙබනනයේ හා ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින් විශාල පිරිසක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊශ්‍රායල හමුදා උතුරු ගාසා තීරයේ ජබාලියා වෙත එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයන් 36 දෙනෙකු මිය ගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ.
මේ අතර ලෙබනනයේ බීරූට් අගනුවරට උතුරින් පිහිටි අල්මාට් ගම්මානයට එල්ල වූ තවත් ප්‍රහාරයකින් පුද්ගලයන් 23 දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.
එමෙන්ම ඊයේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් ද 49 දෙනෙකු මිය ගියා.
ඊශ්‍රායල හමුදා සිරියාවේ ඩැමස්කස් අගනුවර ගොඩනැගිල්ලක් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කළ අතර ඉන් 7 දෙනෙකුද මියගොස් තිබෙනවා.
පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා සිට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් පලස්තීනුවන් 43,603ක් මිය ගොස් 102,929ක් තුවාල ලබා සිටිනවා.
එමෙන්ම ලෙබනනයේ පුද්ගලයන් 3,189 ක් මිය ගොස් 14,078 ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.