ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ සියලුම ප්‍රචාරණ කටයුතු අද (11) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
එහෙත් අපේක්ෂකයින් විසින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත් කර ගැනීම සඳහා හෙට (12) මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබා දීමටයි මැතිවරණ කොමිෂන් සභාව පියවර ගෙන ඇත්තේ.
අද (11) මධ්‍යම රාත්‍රී 12.00 සිට නිහඬ කාලය ක්‍රියාත්මක වන බවයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසන්නේ.
ඒ අනුව 12, 13 හා 14 යන දිනවල කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදුකිරීමට හැකියාවක් නොමැති බවද ඔහු පවසනවා.
මෙම දින කිහිපය තුළ ජනමාධ්‍ය මගින් හෝ කිසිදු ප්‍රචාරණ කටයුත්තක් සිදුකිරීමට හැකියාවක් නොමැති බවත් මුදල් ගෙවා හෝ කිසිදු ප්‍රචාරණ දැන්වීමක් පළකිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි ඔහු පවසන්නේ.