මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 2,580 ක් වාර්තා වී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.
පසුගිය සැප්තැම්බර් 26 වනදා සිට ඊයේ (09) දිනය දක්වා කාලය තුළ එම පැමිණිලි ලැබී තිබෙනවා.
ඊයේ (09) දිනය තුළ පමණක් පැමිණිලි 232ක් ලැබී තිබෙන බව සඳහන්.
මේ අතර ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පැමිණිලි 20ක් ලැබී තිබෙනවා.
මේ දක්වා කාලය තුළ ලැබී ඇති සමස්ත මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව වන 2,580 න් 1,999 ක් මේ වන විටත් විසඳා අවසන්.
සෙසු පැමිණිලි 581 සම්බන්ධයෙන් තවදුරටත් ක්‍රියා කරමින් සිටින බවද මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පවසනවා.