එප්පාවල පොස්පේට් නිධිය කේන්ද්‍රකර ගනිමින් පොහොර නිෂ්පාදනය කිරීමේ කර්මාන්තයක් ආරම්භ කිරීමට අවධානය යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකා විශේෂඥයින් පිරිසක් ඊට මැදිහත්ව කටයුතු කරන අතර ඒ තුළින් විදේශ විනිමයද ඉතිරි කර ගත හැකි බවයි ඔවුන් පවසන්නේ.
පසුගිය රජයන් සියල්ලම එප්පාවල පොස්පේට් නිධියෙන්, සැලකිය යුතු ආර්ථික වටිනාකමක් ලබා නොගත් බවට තහවුරු වී තිබෙන බවයි එම විශේෂඥයින් මෙහිදී පෙන්වා දුන්නේ.
එප්පාවල පොස්පේට් නිධිය ජාතික සම්පතක් ලෙස හදුනාගෙන තිබෙනවා.
මහාචාර්ය ගෝමික උඩගම මහතා ඇතුළු විශේෂඥයින් පිරිසක් අද (10) දිනයේ එප්පාවල පොස්පේට් ආයතනය වෙත ගොස් නිරීක්ෂණ කටයුතු සිදුකළා.
ලංකා පොස්පේට් ආයතනය සතු මෙම පොස්පේට් නිධිය තුළින් රටට ආර්ථිකමය වශයෙන් වටිනාකමක් පසුගිය කාලය තුළ එක්කර ගත්තේද යන්න ගැටලුවක් බවයි විශේෂඥයින් පවසන්නේ.
සිංගල් සුපර් පොස්පේට් නමින් නව පොහොර නිෂ්පාදනයට සැලසුම් කර තිබෙනවා.
ඒ තුළින් මෙරටට පොහොර ගෙන්වීම සඳහා විදෙස් රටවලට ඇදී ගිය මුදල්ද රට තකුළ ඉතිරිකර ගත හැකි බවටයි එම විශේෂඥයින් පෙන්වා දෙන්නේ.