යුද සමයේ අත්අඩංගුවට ගත් දේශපාලන සිරකරුවන් සම්බන්ධයෙන් නීතිපති උපදෙස් මත ඉදිරි ක්රියාමාර්ග ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජාතික ජන බලවේගය ජයග්රහණය කිරීම තම පෞද්ගලික ජයග්රහණයක් නොව සමස්ත රට ලබන ජයග්රහණයක් බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ.
රට හදන අපි එකට මාලිමාවට යන තේමාවෙන් රට පුරා සංවිධාන කරන ජන රැළි මාලාවේ වව්නියාව නගර සභා ක්රීඩාංගනයේදී ජන රැළියට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළකළා.
මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මෙම ජන රැළි මාලාව සංවිධාන කෙරෙනවා.
සියලු ජාතීන්ගෙන් සැදුම්ලත් නියෝජනයක් සහිත පාර්ලිමේන්තුවක් නිර්මාණයවීම තුළ රටේ ගැටලු රැසකට විසඳුම් ලැබෙන බවයි මෙහිදී ජනාධිපතිවරයා කියාසිටියේ.