දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ කිහිපයක් සඳහා පනවා තිබු නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන තවදුරටත් දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.
ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයයේ බදුල්ල, පස්සර, හාලිඇල, මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර, තුම්පනේ, උඩුදුම්බර, යටිනුවර, පහතහේවාහැට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත අවධානයෙන් සිටින ලෙස 01 මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.