2024 මහමැතිවරණයට අදාළව මාතර වෙරළ මාර්ගයේ රථවාහන ගමනාගමනය සිමා කරන බව පොලිසිය පවසනවා.
ඒ 2024 පාර්ලිමේන්තු මහමැතිවරණය අදාළව ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස මාතර රාහුල විද්‍යාලය ස්ථාපිත කිරීමට හේතුවෙන්.
නිවේදනයක් නිකුත් කරමින් පොලිසිය පවසන්නේ, (12) දින පස්වරු 02.00 සිට (13) වන දින මධ්‍යහන 12.00 දක්වා ඡන්ද පෙට්ටි අදාළ මධ්‍යස්ථාන දක්වා පිටත් කරන තෙක් මාතර වෙරළබඩ මාර්ගයේ රණවිරු වටරවුම සහ එළියකන්ද මාර්ගයේ රථවාහන ගාල් කිරීමට සිදුවන බවයි.
මේ හේතුවෙන් එම මාර්ගය වෙනුවට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
එම රථවාහන සැලැස්ම ඇතුළත් නිවේදනය පහතින්,