ඉන්දියාවේ දිල්ලි හා මුම්බායි නගරයන්හි වායු ගුණාත්මක තත්ත්වය තවදුරටත් පහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.
දිල්ලි හා මුම්බායි නගර අද උදෑසන ඝන දුමාරයකින් වැසී තිබූ බවයි එන්ඩීටීවී පුවත් සේවය සඳහන් කරන්නේ.
අද උදෑසන අට වන විට දිල්ලි නගරයේ වායු තත්ත්ව දර්ශකයේ අගය සටහන් වූයේ 335ක් ලෙසයි.
එම අගය ඉතා දුර්වල කාණ්ඩයට අයත් වනවා.
උදෑසන කාලයේ හා සන්ධ්‍යාවේදී එළිමහනේ කාලය ගත කිරීමෙන් වළකින ලෙසයි ඉන්දීය කාලගුණ හා සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.
මේ අතර දිල්ලි නගරයට ආසන්න ඇතැම් ප්‍රදේශයන්හි වායු තත්ත්ව දර්ශකයේ අගය 394ක් වැනි ඉහළ අගයක් ගෙන ඇති බවද වාර්තා වනවා.
ඝන දුමාරය අවම කිරීම සඳහා ජලය ඉසීම භාවිතා කරන ආකාරය ද අද දක්නට ලැබුණා.