මැතිවරණ නීති උල්ලංඝනය කරමින් ලිඳුල නගරයේ පොස්ටර් අලවමින් සිටි ආධාරකරුවන් සිව්දෙනෙකු අද (10) දින සැකපිට අත්අඩංගුවට ගත් බව ලිඳුල පොලිසිය පවසනවා.
ප්රජාතන්ත්රවාදි ජනතා හඬ පක්ෂයෙන් නුවරඑළිය දිස්ත්රික්කය සඳහා තරග කරන අපෙක්ෂිකාවෙකුගේ මනාප අංක සහිත පොස්ටර් අලවමින් සිටින අවස්තාවේ සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි පොලිසිය පවසන්නේ.
මෙම සැකකරුවන් පැමිණි ත්රිරෝද රථයේ තිබි පොස්ටර් තොගයක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.
සැකකරුවන් නුවරඑළිය මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.