කන්ටේනර් රථයක පිටුපස ටේලරය මාර්ගය හරහා පෙරළීමෙන් නුවරඑළිය – ගම්පොල ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ල වී තිබෙනවා.
කොළඹ වරායේ සිට අඹේවෙල සත්ව ගොවිපොළක් සඳහා තෘණ ප්‍රවාහනය කරමින් තිබු කන්ටේනර් රථය නුවරඑළිය – ගම්පොල ප්‍රධාන මාර්ගයේ ලබුකැලේ කුඩාඔය ප්‍රදේශයේදි අද (10) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා.
අධික වංගු සහිත එම මාර්ගයේ කන්ටේනර් රථයේ රියදුරා කෙටි වංගුවක් ගැනිමට උත්සහ කිරීමේදි කන්ටේනර් රථයේ පිටුපස ටේලරය මාර්ගය හරහා පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.
මාර්ගය හරහා පෙරළී ඇති ටේරලය මාර්ගයෙන් ඉවත් කිරිමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බව සඳහන්.
ටේලරය පෙරළී ඇති ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර තිබෙනවා.