ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්ත මහතා ආරුගම්බේ ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.
අද (10) දින සිදු කළ සංචාරයේදී ප්‍රදේශයේ ආරක්ෂාව සම්බන්ධයෙන් දැනට පවතින තත්ත්වය පිළිබඳ අවධානයට ලක් වුණා.
ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ හමුදා සහ පොලිස් නිලධාරීන් විසින් දැනට එහි ක්‍රියාත්මක ආරක්ෂක සැලැස්ම පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කර තිබෙනවා.
ඒ අනුව ප්‍රදේශයේ ආරක්ෂාව තවදුරටත් පවත්වා ගැනීමට මෙන්ම, දිවයිනේ අනෙකුත් ප්රදේශවලද සංචාරක ආකර්ෂණීය ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ ආරක්ෂක ලේකම්වරයා විසින් අදාළ නිලධාරීන් වෙත අවශ්‍ය උපදෙස් ලබා දුන්නා.
තවද, සංචාරකයන්ගේ නිදහසට බාධා නොවන පරිදි හා ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ ඔවුන් තුළ විශ්වාසය ගොඩනැගෙන පරිදි කටයුතු කලයුතු බවද ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළා.
මෙම අවස්ථාවට ත්‍රිවිධ හමුදාවේ, විශේෂ කාර්ය බලකායේ හා පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ආරක්ෂක අමාත්‍යංශයේ නිලධාරීන් පිරිසක් සහභාගි වුණා.