ස්පාඤ්ඤයේ වැලෙන්සියා නගර බලධාරීන්ට විරෝධය පළ කරමින් ජනතාව දැවැන්ත විරෝධතාවක් පැවැත්වුවා.
විරෝධතාව සඳහා එක්ලක්ෂ තිස් දහසකට අධික පිරිසක් එක්ව සිටි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
පසුගියදා ස්පාඤ්ඤය මුහුණ දුන් ව්‍යසනකාරී ගංවතුර තත්ත්වයට ප්‍රතිචාර දැක්වීමේදී රාජ්‍ය නිලධාරීන් මන්දගාමීව කටයුතු කළ බවටයි ඔවුන් චෝදනා කරන්නේ.
ඒ හේතුවෙන් ප්‍රාදේශීය නායකයින් සිය ධූරයන්ගෙන් ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන් පවසනවා.
ගංවතුර හේතුවෙන් සිදුවූ සියලු ජීවිත හානි සඳහා බලධාරීන් වග කිවයුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
200කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර තවත් 80 දෙනෙකු පමණ අතුරුදන් බවද සඳහන්.
ගංවතුරෙන් පසු ජනතාවගේ සුවදුක් විමසීමට පැමිණි ස්පාඤ්ඤයේ ෆෙලීපේ රජුට මඩ ප්‍රහාරයක් එල්ල කිරීමට ප්රකෝපකාරී වූ ජනතාව කටයුතු කළා.