ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Vela’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද (10) දින උදෑසන කොළඹ වරායට පැමිණ තිබෙනවා.
එමෙන්ම ‘INS Vela’ සබ්මැරීනය දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ, දෙරටේ නාවික හමුදාවන්ගේ සුහදත්වය වැඩිදියුණු කිරීම සඳහා විවිධ වැඩසටහන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
මෙලෙස කොළඹ වරායට පැමිණි ‘INS Vela’ සබ්මැරීනය, දිගින් මීටර් 67.5 ක් හා නැව් මුළුව 53 ක ගෙන් සමන්විතයි.
එහි අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් කපිල් කුමාර් (Kapil Kumar) කටයුතු කරනු ලබනවා.
තවද, මෙම නිල සංචාරය නිමා කරමින්(13) වන දින ‘INS Vela’ සබ්මැරීනය දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.