දියවැඩියා දිනය වෙනුවෙන් සංවිධාන කළ පාගමනක් කොළඹදී පැවැත්වුණා.
නොවැම්බර් 14 වනදා දියවැඩියා දිනය ලෙස සැමරෙනවා.
ශ්‍රී ලංකා අන්තරාසර්ග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය හා ශ්‍රී ලංකා දියවැඩියා සංගමය , සිංහ සමාජය , කොළඹ මහ නගර සභාව එක්වයි මෙය සංවිධාන කළේ.
හයිඩ් පිටියෙන් ආරම්භ කෙරුණු පාගමන කොළඹ නගර සභා පරිශ්‍රය වෙත පැමිණියා.
සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා.