මහ මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් වනවා.
ඉතිහාසයේම පූර්ව මැතිවරණ සමය සාමකාමීවම පැවති මැතිවරණය මෙවර මැතිවරණය බව පැෆ්රල් සංවිධානය පවසනවා.
ලබන බ්‍රහස්පතින්දා මහ මැතිවරණය පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
ඒ සඳහා වන ප්‍රචාරණ කටයුතු හෙට මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරන්නේ.
එතැන් සිට නිහඬ කාලය ආරම්භ වනවා.
අපේක්ෂකයින් පිහිටුවා ඇති මැතිවරණ කාර්යාල ඉවත්කර ගැනීම සඳහා අනිද්දා මධ්‍යම රාත්‍රිය දක්වා කල් ලබාදී තිබෙනවා.
මේ අතර පැෆ්රල් සංවිධානය ප්‍රකාශ කළේ පූර්ව මැතිවරණ සමය සාමකාමීම මැතිවරණය මෙවර මැතිවරණය බවට සංඛ්‍යා ලේඛන තහවුරු කරන බවයි.