පුද්ගලික ආරවුලක් හේතුවෙන් පුද්ගලයෙකු විසින් උදැල්ලකින් පහරදී කාන්තාවක් ඝාතනය කර තිබෙනවා.
ඊච්චන්කුලම්, අම්මිචෛත්යාන් ප්රදේශයේදීය මෙම ඝාතනය ඊයේ සවස් කාලයේදී සිදු වී තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ 58 හැවිරිදි කාන්තාවක්.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු හඳුනාගෙන ඇති අතර, ඔහු ප්රදේශයෙන් පළා ගොස් ඇති බව පොලීසිය පවසනවා.
සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඊච්චන්කුලම් පොලීසිය විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.