වැල්ලවාය අලිකොට ආර ජලාශයේ වාන් දොරටු තුනම අද උදෑසන විවෘත කර තිබෙනවා.
එම ජලය සෘජුවම කිරිඳි ඔයට මුදා හැරෙන අතර වාන් දොරටු විවෘත කිරීම නිසා වැල්ලවාය ප්රාදේශීය ලේකම් කොඨ්ඨාශයට අයත් කොටිගම්බොක ප්රදේශයේ මාර්ග දෙකක් ජලයෙන් යට වී තිබෙනවා.
එම මාර්ග වල ගමනාගමනයට බධා එල්ල වී ඇති අතර කිරිඳි ඔයට ජලය ගෙන යන වැල්ලවාය ඇල්ල වල දිය ඇල්ල මාර්ග කොටසේ ඇති ඇල මාර්ගය භාවිතයට ගැනීමේ දි සැළකිලිමත් වීම වැදගත් බවයි