දේශපාලන බලපෑම්වලින් තොරව නීතිය සැමට සමානව ක්රියාත්මක කිරීමට හැකියාව ලැබී ඇති බව වැඩබලන පොලිස්පති ප්රියන්ත වීරසූරිය මහතා පවසනවා.
සියලු දෙනාට නීතිය එකලෙස ක්රියාත්මක කරන ලෙස වත්මන් රජය උපදෙස් දී ඇති බවයි ඒ මහතා පවසන්නේ.
යාපනය චුන්නාකම් පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීම සඳහා පැවති උත්සවයේදී වැඩබලන පොලිස්පතිවරයා මෙම අදහස් පළකළා.
සැමට නීතිය ක්රියාත්මක කරන ලෙස රජය කළ දැනුම් දීම පිළිබඳ සියලු නිලධාරීන් දැනුවත් කර ඇති බව ඒ මහතා පවසනවා.
පසුගිය ජනාධිපතිවරණයෙන් පසු කිසිදු ප්රචණ්ඩ ක්රියාවක් වාර්තා නොවීම විශේෂ තත්ත්වයක් බව වැඩබලන පොලිස්පතිවරයා පෙන්වා දුන්නා.
ඒ තුළින් නව සංස්කෘතියක් නිර්මාණය වූ බවද වැඩබලන පොලිස්පතිවරයා කියා සිටියා.