රටේ පරිවර්තනීය වෙනස සඳහා සුදුසුම ලැයිස්තුව සකසා තිබෙන්නේ ජාතික ජන බලවේගය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ජාතික ජන බලවේගයේ ජය තහවුරු කෙරෙන ජන රැළියක් මත්තේගොඩදී පැවැත්වුණා.
ඊට එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළේ.
මෙහිදී අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ නව පුනරුද ගමන ආරම්භ වී ඇති අතර මනුෂ්‍යත්වයෙන් පිරි රටක් නිර්මාණය කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බවයි.