මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් අමාත්‍ය විජිත හේරත් මහතා නිරීක්ෂණයට ලක්කළා.
ඉදිකිරීම් ඉදිරි වසර දෙක තුළ අවසන් කරන ලෙසයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේ.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කෙරුණේ 2023 වසරේදීයි.
ගලගෙදර දක්වා සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු කළ මුදල රුපියල් බිලියන 210ක්.
මන්තීරු 4ක් සහිතව ඉදිකෙරෙන මෙම මාර්ගය සම්පූර්ණයෙන්ම පොතුහැර සිට ගලගෙදර දක්වා කිලෝමීටර් 32.4කින් යුක්තයි.
එහි පොතුහැර සිට රඹුක්කන දක්වා කොටස තුන්වන අදියර යටතේ ඉදිකිරීමට සැළසුම්කර තිබුණා.
පසුගිය කාලය තුළ එහි ඉදිකිරීම් අතරමග නතර කර තිබූ අතර එය යළි ආරම්භ කිරීමට කටයුතු යොදා තිබෙනවා.
අමාත්‍ය විජිත හේරත් මහතා එම ප්‍රදේශයට ගොස් අදාළ කටයුතු නිරීක්ෂණය කළා.