ඊශ්‍රායල හමාස් සටන් විරාමයක් ඇති කිරීම සඳහා තවදුරටත් මැදිහත්කරුවෙකු ලෙස කටයුතු නොකරන බව කටාර් රාජ්‍ය නිවේදනය කරනවා.
ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර පවත්නා ම්ලේඡ්ජ යුද ගැටුම් අත්හිටුවීමට දෙපාර්ශ්වයම ප්‍රමාණවත් දායකත්වයක් ලබා නොදීම හේතුවෙනුයි කටාර් රාජ්‍ය මෙම තීරණය ගෙන ඇත්තේ.
දෙපාර්ශ්වයම සටන් විරාමයක් සඳහා තම කැපවීම පිළිබිඹු කරන තෙක් මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කිරීමෙන් ඉවත්වන බව කටාර් රාජ්‍ය අවධාරණය කරනවා.
ඊයේ දිනයේදී ද ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්රහාරයන්ගෙන් ගාසා තීරයේ සාමාන්‍ය වැසියන් 44 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
එමෙන්ම ලෙබනනය ඉලක්ක කරගනිමින් එල්ල කළ ගුවන් ප්රහාරයන්ගෙන් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි බලධාරීන් නිවේදනය කරන්නේ.
ප්රහාරයන්ගෙන් සහන සේවකයින් හය දෙනෙකු හා පලස්තීන මාධ්‍යවේදීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන්.