67 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුව ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පවත්වා තිබෙනවා.
ඊට පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් ඇතුළු 700 කට අධික පිරිසක් එක්වූ බව සඳහන්.
නොවැම්බර් 3 සිට 8 දක්වා ඕස්ට්‍රේලියාවේ සිඩ්නි හි පැවති 67 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සමුළුව සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ශ්‍රී ලංකා ශාඛාව නියෝජනය කරමින් සහභාගී වී ඇත්තේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ ආසියානු කලාපයේ ලේකම් කුෂානි රෝහණදීර මහත්මියයි.
නිව් සවුත් වේල්ස් පාර්ලිමේන්තුව සහ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ නිව් සවුත් වේල්ස් ශාඛාව විසින් මෙම සමුළුව සංවිධානය කර තිබෙනවා.
පොදුරාජ්‍ය මණ්ඩලීය රටවලට අයත් පාර්ලිමේන්තු සහ ව්‍යවස්ථාදායක 180කට ආසන්න ප්‍රමාණයක් සම්බන්ධ කිරීමේ පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ අරමුණ තවදුරටත් ශක්තිමත් කරමින් ජාතික, ප්‍රාන්ත සහ පළාත් ව්‍යවස්ථාදායකයන්හි කථානායකවරුන්, මුලසුන හොබවන නිලධාරීන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙම සමුළුවට සහභාගී වී තිබෙනවා.