තම පාලන කාලය තුළ දුප්පත්කම රටින් තුරන් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.
ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ අධ්‍යාපනය ද සුවිශේෂි පරිවර්තනයකට ලක්කරන බවයි ජනාධිපතිවරයා අනුරාධපුරේ දී වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
රට හදන අපි එකට මාලිමාවට ජනරැලි මාලාවේ තවත් ජනරැලියක් අනුරාධපුර මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙනුයි එම රැලිය පැවැත්වුණේ.
මහමැතිවරණයට තරගවදින ජාතික ජනබලවේගයේ අපේක්ෂක කණ්ඩායමේ ජය තහවුරු කිරීමේ අරමුණින් පැවැත්වු මෙම ජන රැලියට විශාල පිරිසක් එක්ව සිටියා.