ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්රික් අපේක්ෂකයින් සහ මංගල උත්සව වෘත්තිකයින්ගේ සංසදය අතර හමුවක් කොළඹ දී පැවැත්වුණා. මංගල උත්සව ක්ෂේත්රයේ නියැලෙන්නන්ගේ ගැටලු සදහා විසදුම් ලබාදීම අරමුණු කර ගනිමිනුයි මෙම හමුව පැවැත්වුණේ.
මංගල සහ උත්සව වෘත්තිකයින්ගේ සංසදයේ සංවිධායක ආචාර්ය දීපාල් ප්රනාන්දු මහතා ඇතුලු සාමාජිකයින් මේ සදහා එක්ව සිටියා.
ජාතික ජන බලවේග ආණ්ඩුවක් යටතේ මංගල සහ උත්සව වෘත්තිකයින්ගේ ක්ෂේත්රයට අදාළව ගත යුතු ක්රියාමාර්ග කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කෙරුණා.