ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා මහතා දීඝවාපිය පුරාණ රජමහා විහාරස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්ව වුණා.
දීඝවාපිය චෛත්‍ය සඳහා ගඩොල් නිෂ්පාදනය කරන වැඩ භූමිය වෙත පැමිණි ආරක්ෂක ලේකම්වරයා එය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව දීඝවාපී පුරාණ රජමහාවිහාරාධිපති පූජ්‍ය මහඔය සෝභිත හිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තා.
මෙම අවස්ථාවට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රොහාන් බියන්විල, නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ශෙවාන්ත් කුලතුංග, 24 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් අනිල් පෙරේරා යන මහත්වරුන් එක්ව සිටියා.