ඉතාලිය චීනයට අයත් පුරාවස්තු සමූහයක් ආපසු භාරදීම ඊයේ (8) බෙයිජිං හි මහජන මහා ශාලාවේදී සිදු කෙරුණා.
චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා ඉතාලි ජනාධිපති Sergio Mattarella මහතා එම අවස්ථාවට එක් වුණා.
නීතිවිරෝධීව විදේශ ගත කෙරුණු චීන පුරාවස්තු 796ක් 2019 වසරේදී ද ඉතාලිය විසින් චීනයට යළි භාර දෙනු ලැබූ බව ෂී ජින් පිං මහතා එහිදී සිහිපත් කළා.
එය දෙරට සංස්කෘතික උරුම සම්බන්ධ ක්ෂේත්රයේ සහයෝගීතා සඳහා නව පරිච්ඡේදයක් ආරම්භ කිරීමක් බවයි චීනය පවසන්නේ.
මෙවර පුරාවස්තු 56ක් චීනයට යළි භාරදීමෙන් ඉතාලිය චීන සංස්කෘතික උරුම කෙරෙහි පවතින ගරුත්වය පිළිබිඹු වන අතර එය දෙරට මිත්‍රත්වයේ සාධනීය සාක්ෂියක් වනු ඇති බව ෂී ජින් පිං මහතා සඳහන් කරනවා.
එහිදී චීන ජනාධිපතිවරයා ඉතාලි ජනාධිපතිවරයා වෙත Chang’e 5 චීන චන්ද්‍ර ගවේෂණ මෙහෙයුමෙන් ලත් සඳෙහි පස් සාම්පල සහිත සමරු තිළිණයක් හා එහි විද්‍යා පර්යේෂණ සාම්පල පරිත්‍යාග කර තිබෙනවා.