මහ මැතිවරණයක් ඉල්ලා බංග්ලාදේශ ජනතාව නැවත වරක් වීථි බැස තිබෙනවා.
බංග්ලාදේශයේ ප්රමුඛ දේශපාලන පක්ෂයක ක්රියාකාරීන් දස දහස් ගනනක් ඊයේ පැවැති විරෝධතා වලට එක්ව සිටියා.
ඩඩකා අගනුවරට රැස්වූ ඔවුන් බල කර සිටියේ නව මැතිවරණයක් හා ඉක්මන් ප්රතිසංස්කරණ සිදු කරන ලෙසයි.
අගෝස්තු මාසයේදී පලා ගිය හිටපු අගමැතිනි ෂීක් හසීනාගේ වැටීමෙන් පසු රට පවතින්නේ අන්තර්වාර රජයක් යටතේ යි.
මෙහිදී ජනතාව සාමකාමීව තබා ගැනීම ඉතා වැදගත් බව විචාරකයන් පවසනවා.