දරුවන් හා ගැබිනි මව්වරුන්ට ත්‍රිපෝෂ ලබාදීමේ වැඩසටහන වඩාත් ඵලදායිතායකින් යුතුව ඉදිරියටත් ක්‍රියාත්මක කරන බව රජය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම වඩාත් ශක්තිමත්ව හා කාර්යක්ෂම ආයතනයක් බවට පරිවර්ථනය කිරීමේ ක්‍රියාමාර්ගයන් කඩිනමින් ක්‍රියාත්මක කරන බවයි.
මහජනතාව නොමගයවන සුළු ප්රවෘත්ති නිර්මාණය කිරීම හා ඒවා ජනතාව අතර ප්‍රචාරය කිරීමට විවිධ පාර්ශ්වයන් උත්සාහ දරමින් සිටින බව නිරීක්ෂණය වී තිබෙනවා.
පොහොසත් රටක් ලස්සන ජීවිතයක් යන නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ පෝෂණයෙන් පිරිණු ළමා පරපුරක් ව්‍යාපෘතිය යටතේ පෝෂදායි ආහාර අත්‍යවශ්‍යතා ඇති පවුල් සදහා ලබාදීමට රජයේ ප්‍රමුඛතාවක් වනවා.
එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය ආයතනික හා යටිතල පහසුකම් හඳුනාගෙන සැලසුම් ක්‍රියාත්මක කිරීම දැනටමත් සිදු වෙමින් පවතින බවයි නිවේදනයේ දැක් වෙන්නේ.
රාජ්‍ය හිමිකාරිත්වය සහිත ව්‍යාවසායයන් වැඩිදියුණු කිරීම රජයේ ප්‍රතිපත්ති රාමුව තුල පැහැදිලිව ඇතුලත්ව තිබෙන බව අවධාරණය කරනවා.
ජන වරමක් තුළ කටයුතු කරන රජය ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සඳහා කිසිදු සැලැස්මක් හෝ ක්‍රියාමාර්ගයක් නොගන්නා බවත් එසේ කිරීම නවරජයේ ප්‍රතිපත්තිය හා අනුකූලතා නොවන බවත් නිවේදනය මගින් පෙන්වා දෙනවා.