75 වන ලෝක නගර නිර්මාණ දින සැමරුම් උත්සවය කුරුණෑගල කිරිවවුල ප්‍රදේශයේ දී පැවැත්වුණා.
ඒ අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රදානත්වයෙන්.
මෙම වැඩසටහන ශ්‍රී ලංකා නගර නිර්මාණ සැලසුම්කරුවන්ගේ අංශ නාගරික සංවර්ධන අධිකාරිය එක්වයි සංවිධාන කර තිබුණේ.
ඒ නිවසක් තැනෙන්නේ සැලසුමක් මගිනි යන තේමාවෙන්.
ලෝක නගර නිර්මාණ දිනය නිමිත්තෙන් වයඹ පළාතේ පාසල් අතර පැවති චිත්‍ර තරගාවලියේ ජයග්‍රහණය කළ දරු දැරියන්ට තිළිණ ප්‍රධානයක් හා පැමිණ සිටි පිරිස දැනුවත් කිරිමේ වැඩමුළුවක් ද පැවැත්වුණා.
ග්‍රාමීය නාගරික සංවර්ධන හා නිවාස ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම් ඒ එම් බී අතපත්තු මහතාගේ ප්‍රදානත්වයෙනුයි එය පැවැත්වුණේ.
මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, පාසල් සිසුන් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.