ඇමරිකාවේ ගුවන් බලයට අභියෝග කරමින් චීනය J-35A ප්‍රහාරක ජෙට් යානය එළිදැක්වීමට සූදානමින් සිටිනවා.
චීන ගුවන් හමුදාව සිය නවතම ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් යානය වන ජේ තිස්පහ ඒ නිල වශයෙන් එළිදැක්වීමට සූදානම් වනවා.
වේගයෙන් වර්ධනය වන චීන මිලිටරි හැකියාවන් ලෝකයට ප්‍රදර්ශනය කිරීම මෙහි එක් අරමුණක්.
මෙම ප්‍රහාරක යානය ලබන සතියේ ෂුහායි හි ගුවන් සංදර්ශනයකට එක් කරන බව චීන ගුවන් බලධාරීන් පවසනවා.
ඇමරිකාවේ රහසිගත ප්‍රහාරක හැකියාවන් සමඟ සමපාත වීමට චීනය දරණ උත්සාහයේ කොටසක් ලෙස මෙම ජෙට් යානයේ සංවර්ධනය සැලකිය හැකියි.
J-35A නිර්මාණය කර ඇත්තේ ගුවන් සටන් මෙහෙයුම් සඳහා වන අතර එය ගුවනේ සිට පෘථිවි මතුපිටට ප්‍රහාර එල්ල කිරීමට ද හැකියාවක් පවතිනවා.
ඇමරිකාවට පසුව ස්ටෙල්ත් ප්‍රහාරක ජෙට් වර්ග දෙකක් ඇති දෙවන රට බවට චීනය මේ සමග පත් වනු ඇති බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කරනවා.