මහනුවර ඩී. එස්. සේනානායක විද්‍යාලයේ විශාල බැම්මක් කඩා වැටී පන්ති රැසකට හානි සිදුවී තිබෙනවා.
ඊයේ 08 රාත්‍රියේ ඇදහැලුනු අධික වර්ෂාවත් සමගයි මෙම අනතුර සිදුවී ඇත්තේ.
මේ වන විට තවත් පන්ති 27ක් දැඩි අවදානම් තත්ත්වයක පවතින බවද විදුහල්පති ආනන්ද උපතිස්ස මහතා ප්‍රකාශ කළා.
එම පාසලේ ප්‍රාථමික අංශයේ සියලු පන්ති සහ තවත් පන්ති රැසක් මෙලෙස අවධානමට ලක්වී ඇත.
අද රාත්‍රියේ අධික වර්ෂාවක් ඇති වුවහොත් තවත් පන්ති ගණනාවක් ආපදාවට ලක්විය හැකි බවයි විදුහල්පතිවරයා පවසන්නේ.
පවතින අවදානම සම්බන්ධයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු සියලු බලධාරීන් දැනුවත් කළ බවත් එළඹෙන සඳුදා සිට පාසලේ අධ්‍යාපන කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ උපදෙස් අනුව සිදු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.