ජනතාව වෙනුවෙන් වැඩ කරන පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පවසනවා.
ඉදිරියේදී නිර්මාණය කරනු ලබන පාර්ලිමේන්තුවට විෂානුබද්ධ විද්‍යාත්මක ඇමති මණ්ඩලයක් පත් කරන බවයි අග්‍රාමාත්‍යවරිය එහිදී කියා සිටියේ.
අතුරුගිරිය මිලේනියම් සිටි ප්‍රදේශයේදී පැවති ජනහමුවකදීයි අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ.
මෙම අවස්ථාවට ජාතික ජනබලවේගය නියෝජනය කරන දේශපාලන නියෝජිතයින් ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියා.