ශ්රී ලංකාව හා නවසීලන්තය අතර තරග දෙකකින් සමන්විත 20-20 ක්රිකට් තරගාවලිය අද ආරම්භ වනවා.
පළමු තරගය දඹුල්ල ක්රීඩාංගනයේදී අද රාත්රී 07ට ආරම්භ වීමට නියමිතයි.
ශ්රී ලංකා කණ්ඩායම චරිත් අසලංක විසින් මෙහෙය වන අතර නවසීලන්ත කණ්ඩායම මෙහෙයවීමේ වගකීම පැවරී ඇත්තේ මිචෙල් සැන්ට්නර් හටයි.
මේ දිනවල ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් බොහෝ විට කණ්ඩායම් දෙකම වේගපන්දු යවන්නන් කෙරෙහි වැඩි අවදානයක් යොමු කරනු ඇති බවටයි වාර්තා වන්නේ.