රාජාංගනය ජලාශයේ වාන්දොරටු දෙකක් නැවතත් විවෘත කර තිබෙනවා.
මෙ දිනවල ඉහළ ජල පෝෂක ප්රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව ඊ්ට හේතුවයි.
රාජාංගන ජලාශයේ වාන්දොරටු දෙකක් නැවතත් අද දින අළුයම් කාලයේදි විවෘත කර තිබෙනවා.
වාන්දොරටු දෙක අඩි දෙකක් උසට විවෘත කර ඇති බැවින් එයින් තත්පරයට ඝණ අඩි 1150 ක් කළා ඔයට මුදා හරින බවයි ජලාශ භාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා පවසන්නේ.
රාජාංගනය ජලාශයේ ජල ධාරිතාව අක්කර ඝන අඩි 81600 ක් වන මෙම ජලාශයේ වාන් දොරටු 30ක් ඇති අතර සියල්ලම ක්රියාකාරි මට්ටමේ පවති.
කලා ඔය ආශ්රිත පහත් බිම් වල පදිංචි අය අවධානයෙන් සිටින ලෙසයි රාජාංගන වාරි ඉංජිනේරුතුමා වැඩිදුරටත් පවසන්නේ.
ඉහළ ජල පෝෂක ප්රදේශ වලට සවස් කාලයේ අධික වර්ෂාවක් ලැබුණහොත් තවත් දොරවල් විවෘත කිරීමට සිදුවෙන බවයි ඔහු පවසන්නේ.