ඩොනල්ඩ් ට්රම්ප් මීළඟ ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමට පෙර ඔහු ඝාතනය කිරීමට ඉරානය විසින් කුමන්ත්රණය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඇෆ්ගන් ජාතිකයෙකුට එරෙහිව ඇමරිකානු රජය චෝදනා එල්ල කර තිබෙනවා.
ට්රම්ප් ඝාතනය කිරීම සඳහා උත්සාහ කිරීම ඔහුට එරෙහි චෝදනාවයි.
51 හැවිරිදි ෆර්හාඩ් ෂකේරි නමති අයෙකුට එරෙහිව ඇමරිකා අධිකරණ දෙපාර්තමේන්තුව ඊයේ අධිචෝදනා ගොනු කළා.
ඇමරිකා රජය පැවසුවේ ෂකේරි අත්අඩංගුවට ගෙන නොමැති බවත් ඔහු ඉරානයේ සිටින බවට විශ්වාස කරන බවයි.
මෑන්හැටන් අධිකරණයේ මෙම චෝදනා ගොනු කෙරුණා.