ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති සහ උප සභාපතිගේ නම් ඇතුලත් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාව විසිනුයි එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.
ඒ අනුව ඇල්පිටිය ප්‍රදේශීය සභාවේ සභාපති ලෙස කොළඹ තන්ත්‍රිගේ නිශාන්ත පෙරේරා මහතා පත්ව තිබෙනවා.
උප සභාපතිවරයා ලෙස වාගොඩ පතිරගේ සුමිත් චන්දන මහතා පත්කර ඇති බවයි ගැසට් නිවේදනයෙන් දැක්වෙන්නේ.
පසුගිය 26 වනදා පැවති ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ දී ජාතික ජන බලවේගයට බලය හිමිවුණා.
ඒ ඡන්ද කොට්ඨාශ 17න් 15ක ජය තහවුරු කරමින්.