පිරමිඩ ආකාරයේ සමාගමක් ආරම්භ කර පවත්වාගෙන ගොස් එහි ආයෝජනය කළ රුපියල් මිලියන 1800 කට වැඩි මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ සිද්ධියට අදාළ යුවල රක්ෂිත බන්ධෂනගාර ගත කෙරුණා.
ඔවුන් ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
මෙම සැකකරු මැලේසියාවේ සැගව සිට මෙරටට පැමිණි අවස්ථාවේදී කටුනායක ගුවන් තොටුපොලේ දීයී අත්අඩංගුවට ගැනුනේ.
ඔහුගේ බිරිඳ මෙම සැකකරු රැගෙන යාම සඳහා කටුනායක ගුවන් තොටුපොල වෙත පැමිණ සිටි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පැවසුවා.
මෙම සිද්ධියට අදාළව පුද්ගලයින් 68 දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් තවත් විශාල පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට නියමිත බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා.