පළමු ශ්‍රේණියට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් එක්ලක්ෂ පනස් දහසක වන්දියක් ලබා ගත් බව කියන විදුහල්පතිනියක රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
ඒ ලබන 22 වනදා දක්වායි.
කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළේ රාගම , මත්තුමගල ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පතිනියයි.
අදාළ අල්ලස් මුදල එම දරුවාගේ මවගෙන් සිය කාර්යාලය තුළ ලබා ගන්නා අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම සැකකාරිය අත් අඩංගුවට ගෙන තිබුණා.
සුදුසුකම් නොමැති නිසා පැමිණිලිකාරියගේ දරුවා පාසලට ඇතුළත් කර ගත නොහැකි බවත් අදාල අල්ලස් මුදල ලබා දෙන්නේ නම් ඇතුළත් කළ හැකි බවත් සැකකාරිය විසින් ප්‍රකාශ කොට ඇතැයි අල්ලස් කොමිසම අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වනවා.
මෙම අත්අඩංගුවට ගැනීම සිදුවන අවස්ථාවේ සැකකාරීය සතුව තවත් රුපියල් දෙලක්ෂ හැටදහසකට ආසන්න මුදලක් තිබී සොයා ගත් බවත් එම මුදල් ඇයට ලැබුණේ කෙසේදැයි වැඩිදුර විමර්ශන සිදු කරන බවත් කොමිසමක් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී සිටියා.