ලොව සුපතල නිසාන් මෝටර් රථ නිෂ්පාදන සමාගම සේවක කප්පාදුවක් සිදුකිරීමට සූදානම් වනවා.
සේවක කප්පාදුව යටතේ නිසාන් සමාගමේ සේවකයින් නවදහසකට පමණ රැකියා අහිමිවනු ඇති බවටයි වාර්තා වන්නේ.
මෙම සමාගමේ නිෂ්පාදන අලෙවිය ලොව පුරා පහළවැටීමත් සමගයි සේවක කප්පාදුවක් සිදු කිරීමට තීරණය කර ඇත්තේ.
නිසාන් සමාගමේ මෙහෙයුම් ලාභ පුරෝකතනය අනුව මෙම වසර තුළදී පමණක් එම සමාගමේ ලාභය සියයට 70කින් පමණ පහළ යනු ඇති බවටයි අනුමාන කෙරෙන්නේ.
සේවක කප්පාදුව හරහා සමාගමේ පිරිවැය ඉතිරිකර ගැනීමේ උත්සාහයක සමාගම නිරත වනවා.
එමෙන්ම නිසාන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියාගේ වැටුපෙන් හරි අඩක් කපා හැරීමට තීරණය කර ඇති අතර අනෙක් ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ වැටුප් ද කප්පාදුවකට ලක්වනු ඇති බවට වාර්තා වනවා.