ඊශ්‍රායල ගුවන් ප්රහාරයන්ගෙන් ඊයේ දිනයේ දී පමණක් ගාසා තීරයේ හා ලෙබනනයේ සාමාන්‍ය වැසියන් සියයකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ගාසා තීරය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්රහාරයන්ගෙන් ඊයේ දිනයේදී සාමාන්‍ය වැසියන් පනහකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වූ බවයි හමාස් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන්නේ.
උතුරු ගාසා තීරයේ පමණක් ජීවිතක්ෂයට පත්ව ඇති සංඛ්‍යාව 42ක් බවද වාර්තා වනවා.
මේ අතර ලෙබනනය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය එල්ල කළ ප්රහාරයන්ගෙන් සාමාන්‍ය වැසියන් 53 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 161 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේ.
එමෙන්ම ඊශ්‍රායල ප්රහාරයන්ගෙන් ජගත් සාමසාධක හමුදාවට අයත් මැලේසියා ජාතික සාමසාධක හමුදා භටයින් 6 දෙනෙකු තුවාල ලබා ඇති බව ජගත් සංවිධානය නිවේදනය කරනවා.